අප ගැන
ස්නායු මනෝ වෛද්‍ය ගැටළු හා අනෙකුත් රෝගීන් රැකබලා ගැනීමේ වසර ගණනාවක අත්දැකීම මත පදනම් වූ අපගේ දැණුම අනුව, සහායක සත්කාරක ජීවන රැකවරණය සහ පුහුණු චිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් හට එකම අවශ්‍යතා රාශියක් ඇති බවට අපගේ නිගමනයයි.
- සියලුම රෝගීන් හට ගෞරවයෙන් සැළකීම
- ප්‍රජා ක්‍රියාකාරකම්වල නිරත වීම
- ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිකාර සහ ජීවන සැලැස්මට සම්බන්ධ වීම
- දක්ෂ පලපුරුදු කණ්ඩායමක් ලෙස, වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය විසින් රැකවරණය ලබා දීම
- ලබා දිය හැකි හොඳම නිසියාකාර වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රම යොදා ගනිමින් ප්‍රතිකාර ලබා දීම
අපගේ “අවශ්‍යතා” ලැයිස්තුව බොහෝ රෝහල් ආදර්ශ සාත්තු නිවාසවලට ප්‍රතිවිරුද්ධ අනුපිළිවෙලට යන බව ඔබට පෙනෙනු ඇත. මෙය අහම්බයක් නොවේ. අවාසනාවට, ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් බහුතරයක් සඳහා
රැකවරණය අවශ්‍ය වුවද ගුණාත්මක බවින් අඩු සැකසුම් තුළ හෝ මුදල් අවශ්‍යතා මත සේවය සළසනු ලැබේ.
ඔබගේ අවශ්‍යතාවයන්
ඒ හා සමානව, සැලකිලිමත් පරිසරයක් අපේක්ෂා කරන පුද්ගලයින්ගේ පවුල්වලට තමන්ගේම අවශ්‍යතා සපුරාලීමට බලාපොරොත්තු වේ,
- ඔබගේ ආදරණීයයන්ගේ ශාරීරික හා මානසික තත්වය පිළිබඳව වියවුල් නොවීමට
- තම පවුලේ සාමාජිකයන් රැකබලා ගැනීමේ කාලය පිළිබඳව ගැටළුවක් නොවීමට
- තමන් ආදරය කරන අයට පෞද්ගලිකව සුදුසු සැලකිල්ලක් දැක්වීමට ශාරීරික, චිත්තවේගීය හෝ බුද්ධිමය සම්පත් නොමැති බව දැනගත් විට දැනෙන වරදකාරී හැඟීම් වලට සහනයක් ගෙනදීමට
වැඩිහිටි පවුලේ සාමාජිකයෙකු රැකබලා ගැනීම යම් අසීරු කාර්යයක් වුවද ඔවුන් කැමති දියණියක හෝ පුතෙකු සමඟ දිවි ගෙවීමට නොලැබීම බොහෝ සෙයින් ආදරය කරන්නන් කෙරෙහි ඔවුන්ගේ සිත්තුල වරදකාරී හැඟීමක් ගෙනදේ.‘සුව අරණ’ හි දී, අපි මෙම හැඟීම බැහැර කිරීමට උත්සාහ නොකරමු, නමුත් අප ඔවුන් වෙනුවෙන් කරන සෑම දෙයකින්ම ඔබට සහනයක් වීමටත්, ඔබගේ ආදරණීයයන් රැකබලා ගැනීමට අපට ඉඩ දීම ඔවුන් වෙනුවෙන් කරන ප්‍රේමණීය, කාරුණික සහ ත්‍යාගශීලී ක්‍රියාවක් බවට පත් කරලීමට සහතික වන්නෙමු.